Tuesday, September 25, 2012

අභිනවයෙන් පත්වූ, ශිල්පාමාත්‍ය...


බටහිර හා පෙරදිග බොහෝ රාජ්‍යයයන් දරුණු ආර්ථික අවපාතයකටද, ආහාර භව භෝග හීනතාවයකින්ද, අධිරාජ්‍යවාධී බලපෑම් හමුවේ පරාදින සමෙයෙකැ, අප රත්නද්වීපය ළොව දිදුලන කළෙකි, ගොවියෝ අස්වනු නෙලා, ආර්ථික සශ්‍රීකත්වයෙන් උපරිම තලයෙකැය. ඔවුහූ, රජුන්ගේ රථ හා සමාන රථයන්හි සැරිසරන්නෝය, මාගම් තොටින් නැව් නැග, දේශ දේශාන්තරයන්හි සංචාරය කරන්නෝය. අග හිඟ කම් ඇති ජනයෙක් සොයා ගැන්ම, අන්දරේ කැස්බෑවේදි විය සිඳුරෙන් අහස බැලුවා වැනි අපහසු කාරියක්ම වන, භව භෝගයෙන් පිරි, රාජ්‍ය සැනකෙලි වලින් ගහන වූ, ජනයා කෙලි දෙලෙන් කල් යවන කාළයෙහි....

ජම්බුද්වීපයන්හී පමණක්මැ නොවැ දේශ දේශාන්තරයන්හි සිප් සතර හදාරා සියළු ශිල්පයන්හි කෙල පැමිනැ, බුද්ධියෙහි අග තැන්පත්, ප්‍රඥාවන්ත, ධාර්මිෂ්ඨ මලක කුමරුවානෝ මෙසිරි ලක සිප් සතර වැඩිමෙහිලා අමාත්‍ය දූරයකින් පිදුම් ලද කල්හී, රජුන් හා පවසනුයේ, "මෙරට ශිල්ප ශාස්තෘන් වහන්සේලාද, දිසාපාමොක් වරුනද තම සුඛවිහරණය පිණිසමැ සිත් ඇත්තෝය. ඔවුනගේ ශිල්පයන් හැදෑරීමෙන් පලක් නැත්තෙමැයි, එය එසේ හෙයින් දේවයන් වහන්ස, මා ලද ශිල්ප ඥානය අසරණ දරු කැළ වෙත පහන් සිතින් පූජා කිරීමට අවසර පතනෙමි. මාගෙ යෝජනා ඇතුලත් ධවල භීෂණ පත්‍රිකාව ඔඹ වහන්සෙ වෙත මා මේ අවස්ථාවේ පිරිනම සිටින්නෙය දේවයන් වහන්ස.".

එපින්වත් මහ රජානෝ, පත්‍රිකා කියවා, අන් මත විමසා, බොහෝ චිත්තඃප්‍රීතීයට පත්වැ, අමාත්‍ය මණ්ඩලයේ ආශීර්වාදයෙන්, මහා සංඝ රත්නයේ පිරිත් සජ්ජායනා මැද, නිල උත්සව පවත්වා, මගුල් බෙර හඬ මැද, මලක ඇමතියනට පිලි ගන්වා, රට වැසියාගේ දැණුවත්වීම පිණිසැ, අණ බෙර කරුවන් ලවා, සතර අතට ගෙන යන ලෙස, ධවළ භීෂණ සංදේශය මුද්‍රා තබා අනුමත කළැ වගයි.....
  • ශිල්ප ශාලවට ඇතුලත් කිරීමට පෙරැ, පච්ච කොටා හෝ හංවඩු ගසා සිටියැ යුතුමැයි.
  • මංකොල්ලය, අපචාරය, කප්පම, මිනිමැරීම, මහ මග නිකරුනේ සැරිසැරීම, වසන්ත මාලිග නැමැදීම, ජනයා බිය වැද්දීම, රහ මෙර පානය, දූෂණය, අනිවාර්ය විෂයයන් කළැ යුතුමයි.
  • අංගම්පොර සටන් කාළාව, ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව සමත් විය යුතුමැයි. සවස් කාළයේ සුනඛ පොර පුහුණුවීම සඳහාද සිසුන් දිරි ගැන්විය යුතුමැයි.
  • විවේක කාළයෙදී "හරයින්" නම් ආයූර්වේදි ගුණ ඇති කුඩ, රහ මෙර සමඟ අඹරා, සෑම සිසුවුකුටම දිය යුතුමැයි.
  • සෑම  ශිෂ්‍යාවක්මැ, මල්වර වීමෙන් පසු, ශිල්පායතනයන්හි මුල් ගුරු හා ප්‍රාදේශීය නිළමේවරුන් පිනැවීම සඳහා, කාමසූත්‍රය කඩ පාඩමෙන් මෙන්මැ ක්‍රියාවෙන්ද සමත් වියැ යුතුමැයි.
  • සෑම දිසාපාමොක් වරයෙක්මැ රහමෙර පානය, කාමසූත්‍රය, දෙතිස් වද, අල්ලස, දූෂණය (ස්ත්‍රී දූෂණය හා කාන්තාවන්නම් බාල අපරාධ.) රජුන්ට නැමැදීම හ හමුදා පුහුණුව ලබා තිබියැ යුතුමැයි.
  • ජේශ්ඨ සිසුනට "නීල රංගනයන්" නැරඹීමට හා එවන් රංගනයන් පුහුණුවීමට ශාලා සැපයිය යුතුමැයි. 
  • සෑම පාසලකම, නාරි වෛද්‍ය විශේෂඥයින් සේවයේ පිහිටුවීම හා ප්‍රසූතීකාගාර ඉඳි කල යුතුමැයි.
  •  පන්සිල් පද සංශෝධනය කොටැ, වේරමණී යන කොටැස ඉවත් කළ යුතුමැයි
  • පිරිවෙන් අධ්‍යාපනයේ මූලීක වෙනසක් ලෙසැ, මහණුන්, රජුන්ට, අමාත්‍යවරුනට, නිළමේවරුනට හා සිටුවරුනට පසඟ පිහිටුවා වැදීමට පුහුණු කලැ යුතුමැයි. . 

උපුටා ගැන්ම - සද්ධර්ම මලකවලිය
කාළය - මෙසපොටේනියානූ යුගය

ප: ලි:
ඉහත සඳහන් කර සිටියේ, රටවැසියා වෙතැ, අණබෙර කරුවන් යොදා, ප්‍රසිද්ධියට පත් කලැ, සමහර කරුණුය. ඉතිහාස ග්‍රන්ථ වලද පවතිනුයේ කට වහරින් පැමිනි දෑ බව  කරුණාවෙන් සලකන්න. එසේ, කිසිසේත්ම මුද්‍රණයට පත් නොවු, රජ පවුලේ කුමර කුමරියන් සඳහා වෙනම ඉදිරිපත් කල පත්‍රිකාවේ පහත සඳහන් කරුණු, ජනයා අතර කටකතා ලෙසෙන් පැවති බව සඳහන්ය.
  • භාන්ඩාගාර මුදල් මංකොල්ලය හා එහින් දේශ දේශාන්තරයන්හි දේපල මිලදී ගැන්ම.
  • දේශ දේශාන්තරයන්හී චාරිකා හා සියළු පස් පවු සඳහා කරන්නාවූ ගෙවීම් භාන්ඩාගාරයෙන් ලබාගැන්ම.
  • තමනට එරෙහි වන්නේ නම්, රාජපුරුෂයන්ගේ පමණක් නොව, හමුදා සේනාධිපතිවරුන්ගේ පවා ශීර්ෂයන් පොඩි කිරීම හා රජු ඉදිරියට පමුණුවා දඟ ගෙයි ලෑම. 
  • කට කතා පතුරුවන්නන්ගේ පාදයන් බිදීම හා රටින් පිටුවහල් කිරීම.....
  • සහ තවත් බොහෝ කරුණු අඩංගු වන්නේය.....

34 comments:

  1. ඉතිහාසය චක්‍රාකාර යැයි කියැවේ. එනම් නැවත නැවත පසුගියැ යුග පැමිණිය හැකි වේ යැයි කියැවේ. එනයින් බලැන කලැ මෙ සිදුවී මැ උගහට මැ නොවණ බව මම සිතමි. කෙසේ වෙතත් මේ යුගය මිනිසුනගේ මහත් වූ දියුනු යුගය කැයි සිතා සැනැසිය හැකැ. මා සිතන්නේ ඇඬියැ යුතු දැයි සිනාසිය යුතු දැයි තෝරා ගන්නේ කෙලෙසකැයි කියායැ.

    ReplyDelete
    Replies
    1. ඔබැ ඡායාරුව අනුවැ ඔබ තරම තර බව පෙනේ. කම් නැත වෙද මහතානෙනි. අප සීනාසී තරවෙමු.... බොහොම ස්තූතියි

      Delete
    2. මහ වෙදනා තර නොවන කඩවසම් පුරුෂ රත්නයකි. :). කොතරම් සිනහ වුවත් මනා වූ ආහාර පාලනයෙන් තරබාරුව මට්ටු කර පෙන්වන, ඒ පිළිබඳව පාඨක අපව දැනුවත් කල අයෙකි....

      එතුමා අසන ආකාරයටම අප සිනාසෙමුද ? නැතිනම් අඬමුද? අපට මුඛයන් දෙපලම භාවිතා කර අඬන අතරම සිනහසෙන්නට හැකි නොවේද ?

      Delete
    3. හැකි ස්ථානයකින් සිනාසී තරවෙමු මහත්මයා

      Delete
  2. එල එල ඔහොමම ලියාගෙන යමු. ජයවේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මහත්මයා

      Delete
  3. හපොයි රටකට යන කලක මහත... කුජීතයි.

    ඔබේ බස හැසිරවීමේ දක්‍ෂතාවය මනාවට පිලිබිබුවේ ඉදිරිය පැහැදිලිය දිගටම ලියව....

    ජය ____...

    ReplyDelete
    Replies
    1. අනාවැකි පලකිරිමේ හැකියාවක් ඇති බව පෙනේ. මොහොම ස්තූතියි මහත්මයා.

      Delete
  4. උඩින් කියවා නම් බොහෝ සේ සිනා සිය හැකිය.. නමුත් අඇතුලාන්තය ගැන සිතන විට නම්.....

    ReplyDelete
    Replies
    1. සිඳුවීමට නොහැකි දෙයක් නොවේ මහත්මයා

      Delete
  5. කියවන දනා රුපු යුධයට ජය කොඩිය..

    ReplyDelete
    Replies
    1. සබධතාවය කුමක්දැයි නොවැටහේ මහත්මයා

      Delete
  6. මලක කුමරුවන්ට නියත විවරණ ලබා දුන්නෝ හිමඅන්ත වරුණකුලසූරියෝයැ (මේ කවුද ? මොනවද කරන්නෙ?)

    ReplyDelete
    Replies
    1. බොහෝම හරි මහත්මයා. මුදල් කතා කරනවා කියා කවුදෝ කියා තුබුනා මතකය.

      Delete
  7. අයියෝ ... ඔය නීතීඥයොන්ගෙ කතා සීරියස් ගන්න එපා රාළේ. කිව්වත් වගේ උන් සල්ලිවලට කහිනව නෙව. ඔය යන තාලෙට අනාගත අධ්‍යාපන ඇමති වීම කෙසේ වෙතත් එතකන් ඔය උන්දැ ජීවත් වෙයිද මන්ද.

    ReplyDelete
    Replies
    1. බයටම වෙන්ට ඕන දෙන්නම විදේශ ගත උනේ.. එහෙම නේද මහත්මයා....

      Delete
  8. එල! ඕං මම මගේ රෝලටත් දාගත්ත මේ අඩවිය කියවන්න මිස්වෙනවට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මහත්මයා සහයෝගයට

      Delete
  9. අපූරු ලියවිල්ල නොවැ....මාතලන් ගොය්ය පාර කිව්වෙ...ලියන්ට ලියන්ට...දිගටම එඤං...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මහත්මයා

      Delete
  10. ඇත්තටම හිනාවෙන්ඩ නම් බෑ සීයේ මේ කතාවට....

    ReplyDelete
    Replies
    1. අහෙනම් අඬමුද නෝනා මහත්මයා...

      Delete
  11. නියමයි!!
    දිගටම කියවනවා මීට පස්සේ.ඇත්තටම කියවන යනකොට හිනා ගියාට ටිකක් වෙලා ගියාට පපස්සේ නම් අනේ මන්දා...

    ReplyDelete
    Replies
    1. දුකක් දැනෙනව නේද නෝනා මහත්මයා...

      Delete
  12. මරුනේ ලොක්කා ඔහොම යං ඔහොම යං අර හාමුදුරුවරුන් ගැන කියාපු එකනම් හරියට හරි මම අනන්තවත් දැකලා තියෙනවා ලොක්කා ගාව ඇඹරෙන සාධුලා. තව ටික දවසකින් වඳින එක වඳිනවා ආයේ දෙකක් නෑ.

    ReplyDelete
    Replies
    1. දැක්කම වැඳෙනවා වෙන්න ඇති මහත්මයා...

      Delete
    2. එයාලට කියන්නේ බෙන්ස් වහන්සේලා කියල නොවැ...

      Delete
  13. මේ කතාව කිවූ බුරු වහන්සේ නීති විශාරදයෙක් ද ?? උසාවිවල ඉන්නේ කපුටන් බව සැබෑය. ගොනුන් ඉන්න බවද දැන ගතිමු. ඔබේ ලිවිම අගනේය .

    ReplyDelete
    Replies
    1. ඔවුන් මුදලට ඕනෑම චරිතයක් රඟ දක්වනවා නෝනා. බොහොම ස්තූතියි පැමිනීමට..

      Delete
  14. සිස්සයන්ට නොමිලේම ඇක්ස්ටසි පෙත්තක් දවස ගානේ දෙන්නත් යෝජනාවක් තිබ්බලු නේද ලොකු උන්නැහේ?

    ReplyDelete
    Replies
    1. බලන්නකෝ මහත්තයෝ ඒක මේ ටයිප් කොටන කොට හැලිලනේ.. සහතික ඇත්ත..

      Delete
  15. නියමයි මහත්මයා, මට නාගසේන වස්තුව සිහි වෙනවා. කැන්ගරු දේශයේ පදිංචි වෙලා ඉන්න දේශද්‍රෝහීන් (මහා දේශප්‍රේමියා කියන්නේ එහෙමයි) කණ්ඩායමක් අතර අද ඊයක් ගියා මේ බ්ලොග් එක ගැන දැනුවත් කොරල. ඔහොම ලියන්න, අපිත් දවසකට දෙකකට සැරයක් ඇවිල්ල සපෝට් එකක් දීල යන්නම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මහත්මයා. බොහෝ අය උදව් පදව් කරනවා. සැමටම තුති...

      Delete
  16. අම්මපා මේ කියපු ටිකට නම් උඹේ කටේ පාන් ගෙඩියක් ඔබන්න ඕන බන් . . ඇයි කියන්නේ පාන් කියන්නේ කොයි තරම් ගනන් වටින දෙයක්ද බන් . . .
    කිව්වට විස්වාස කරයිද මන්දා මම මේ කරුනු ටිකම වගේ දාලා ලිපියක් ලියන්න හිතුවේ ..වෙලාව නැති කමින් පස්ස ගහ ගහ හිටියේ . . හැබැයි මට මතක් උනේ මෙතන තියෙන ඒවායින් තුන හතරයි .. උඹේ පරිකල්පනාව සෑහෙන්න ඉහලයි බොලන් . .. අපූරු ලියවිල්ලක් . . ..

    ReplyDelete