Friday, September 21, 2012

වසන්ත මාළිගයේ කෝළාහාලය



322 පරිච්ඡේදය

රුහුණු පුර මාගම්පත්තුවේ, "අන්දරේ" නමින් කොලු ගැටයකු, කතාවේ සමත්යැ, කවටකමෙහි සමත්යැ, කාව්‍යයෙහි සමත්යැ, සියළු කළාවෙහි සමත්යැ. එහෙයින්, බොහෝ අග හිඟ කම් මැද ජීවත්වූ මේ කොලු ගැටයා කෙරේ සිත් බැඳුනු, එගම්වාසී රාජ පාක්ෂික මැනියෝ, මේ කොලු ගැටයා තම පුතුන් සමගම තබන්නේයයි සිතන්නෝ. මැදුරට ගෙන්වා කවා පොවා ඇති දැඩි කරන්නෝය. කාළයාගේ ඇවෑමෙන්, එම මැදුරේ "පරස" නම් දඩබ්බර කොලු ගැටයා රජ වාසල කැරළි ගසා, අනුලා රැජිණ සිහසුනෙන් නෙරපා, රාජ්‍යත්වයට පත් කල්හී, අන්දරේ කැඳවා, සියනෑ කෝරළයේ නින්ද ගම් පිරිනමා, නිළමේ තනතුරිකින්ද පුදන්නේය...

අන්දරයානෝ, රටවැසියා පිනවමින්, කල්‍යාණ රාජ මහා විහාරයෙහි අධිපති කම් දරමින්, ධාර්මිෂ්ඨව ජිවත් වන්නෝය. එහෙත්, නිළමේ තුමන්ගේ එකම පුත් "මලක" නම් පුරුෂ තෙමේ, වසන්ත මාළීගාවන්හි සැරි සරන්නෝය, රජුන්ගේ රථ සමාන රථ වල  සැරිසරන්නෝය, මෙරට හා නොරට පුරඟනන් හා රමණයේ යෙදෙන්නෝය, අධර්මිෂ්ඨ වෙළදාම්හි යෙදෙන්නෝය, එසේ කරමින් තම පියාගේ කීර්තීනාමයට නිගා දෙමින් සිටින කල්හී,

අග නගරයේ, වසන්ත මාලිගයක් තුල රජතුමාගේ සේනාධිපතියකුට පහර දී, කල්‍යාණ රජ මහා විහාරයේ ධාතු වැඳ, පිරිත් හුය දෙ අතිහී බැඳ, ආරක්ෂාව පිණිසැ සැගවෙන්නේය. රට වැසියාද, හමුදාවද කිපි, පුත්‍රයාගේ කැවුතු කන්නේ යැයි කියා, කටකතා පැතිර යන කල්හී, රජුන්ද කෝපව, හිස මුඩු කොට ඇති රාජ පුරුෂයාට අණ දෙනුයේ, සිටිනා තැනකින් කුදලාගෙන වුත් දඟ ගෙයි දමන ලෙසයැ, එන කළ හොඳ නැති බව දන්නා පුත්‍ර තෙමේ, පාප මිත්‍රයාද කැටුව විත්, ස්ව කැමැත්තෙන්ම දඟ ගෙට යන්නෝය. රට වැසියා හා හමුදාව රජු කෙරේ පහන් සිත් ඇතිවැ, තම තම රාජකාරීන්හි යෙදි සතුටින් කල් ගත කරන්නේය.

එසේ වූවද දාරක ප්‍රේමය ඉහවහා ගිය නිළමේ භාර්යා තොමෝ, භූමියෙහි පස් අනුභව කරන්නෝ. "තොපට ශෝකයක් නොමැත්තේද? මේ නම් අවමානයක්මැයි, තොප රජුගේ සියළු දේ කරන්නේහිය, එහෙත් තොප අප දරුවා කෙරේ කරුණා සිත් නැත්තේමැයි..., මා පුත්‍රයා ගෙන එව, නැතිනම් මා කැළණී ගං පතුලේ පහස ලබන්නේයැයි" පැවසු කල්හී, ඉන් කම්පාවන සිත් ඇති නිලමේ තෙමේ මුන්නේස්වරම් ගොස් දෙවියන්ට කන්නලව් කරන්නේ, "අනේ දෙවියනේ, රජු වෙත ගියහොත් මා නසි ගෙදර ගියහොත් අඹු නසි, ගැත්තාට සමාවී, උපකාරයක් කරන මෙන් ඉල්ලා සිටිමි", යයි කී කල්හි, දෙවියෝ රහසින් යමක් නිළමේ වෙත දන්වා සිටින්නෝය.

දේව රහස අනුව, සීනීගම කඩවර දෙවියන්ට මිරිස් අඹරා දින දෙකක් ගත වන කල්හී, නාගයෙකු සේ එඩිතර පහර ලත් සේනාධිපතියා ගැරඬියකු සේ ඇඹරෙමින් කියා සිටිනුයේ, "නිළමේ පුතුන් මා හට පහර එල්ල නොකලේමැයි, මා මාගේ අසිපත් ගෙන ප්‍රභූන් ඉදිරියේ ජපාන සොල්දාදුවෙක් මෙන් හරාකිරි රංගනයේ යෙදෙන කල්හි. මා අසිපත මටම කෙටුවේ" යයි කියූ කල්හි, රාජාධිකරණයෙන් මලක හා රෙන යන පුත්‍රයින් දෙදෙන දඟ ගෙයින් නිදස් කොට හරින්නේය.

354 වන පරිච්ඡේදය (322 පරිච්ඡේදයෙන් වසර 10 කට පසු

"නමල" කුමරුන් අභිෂේක ලබන්නෝය. ධාර්මිෂ්ඨ "මලක" පුත්‍ර තෙමේ, අගමැති දූරයෙන් පිදුම් ලබන්නෝය, තම පදිවි ප්‍රාප්තියෙන් උදම් වූ ජනයා කෙරේ පහන් සිත් ඇති "මලක" කුමරු ඔවුන් දැකීමට කල්‍යාණ පුරයට පැමිණේ, රැස්ව හුන් ජනතාව දැක උදම් වන "මලක" කුමරු තම රථයෙන් බසිනා කල්හි, ප්‍රධාන ආරක්ෂකයා ලෙස අනෙක් පසෙන් එනුයේ එදා පහර කෑමට බඳුන්වූ සෙන්පතියෝය, එම දර්ශනයෙන් උදම්වු කාන්තවන්ගේ ඇකයෙ හුන් දරුවන්, පොළෝ තලය මතද, මහළුන්ගේ හකු පැනිමෙන්ද, තරුණ ජනයාගේ, ඇඳි වතේම, සුළු දිය හා මළපහ පිටවීමෙන්ද,  ප්‍රමෝදයටම පත්වුවෝය.

උපුටා ගැන්ම - කොටළු වංශය
යුගය - පර්සි-යානු යුගය

45 comments:

  1. හොදයි..ටිකක් භාෂා ෛලිය වෙනස් උනොත් නරකද..(අදහසක් පමණි )

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ මහත්තයෝ.. උදාහරනයක් කීවනම්...

      Delete
    2. එම්බා කොළුව, මෙය තොප වන් සුළුදිය කොල්ලන් උදෙසා ලියවුන බ්ලොගයක් නොව, අප වන් ඉහ නිකට පැසුණු කෙළතොළු මහල්ලන් උදෙසා ලියවුණකි.කතුවරය, දිරියෙන් ඔජ වැඩී දිගටම ලියව.තොපට සුභ අනාගතයක්.

      Delete
    3. නැහැ නැහැ එහෙම අවුලක් නැත ලොකු උන්නැහේ .. මා පැවසුවේ ඔය බර වචනාර්ථය යම් පමණකින් සැහැල්ලු කලානම් අගේය යනුවෙනි.. නැතත් කම් නැත ඔබගේ ලිවීමේ හැකියාව ඉතාමත් ඉහල මට්ටමක පවතී ...
      දිගටම ලියව .. අප ඔබ සමගයි ...

      Delete
    4. අනෙ මහත්තයෝ ඔය ඇනෝ අදහස මගේ අදහසක් නොවේ. ඇනෝ මහත්වරුන්ටත් ඉඩ දිය යුතු බව මගේ මිතුරන්ගේ අදහසය. වරදවා වටහා නොගන්නා මෙන් කාරිණිකව ඉල්ලා සිටිමි

      Delete
  2. අගෙයි.. අගෙයි... නූතන ඉතිහස සංස්කරණය . ඔබගේ බස මගේ නම් සිත් ගත්තේමැයි. අර කිව්වැහේ අප දැන් මහළු නියාවේදැයි නොදනිමි. කෙසේ වේවා. ලියන මැන බඩේ බඩවැල් රිදුම් දෙයි. ලේ ධාතුව පිරිසිදු කර ගතිමි.

    ReplyDelete
    Replies
    1. බලාන් ගියාම මමත් හොඳ වෙදෙක් නොවැ වෙද මහත්මයෝ.

      Delete
  3. බස මෙන්ම අදහසද සොදුරුය..

    මුලු ලොවටම පෙනෙන්නට උන් කවට රංගනයේ යෙදේ නම්... අපි කුමක් කරමුද එය රස විදිනවා හැර..

    ReplyDelete
    Replies
    1. විනෝද සමයද නැති කල මේ බලා සැනසෙමු මහත්මයා..

      Delete
  4. ඔය තියෙන්නෙ, කුඹුරු කෙටිල්ලට වඩා මේ කෙටිල්ල නම් මරු.

    (ඔන්න ආයිත් මට නම් මහත්තයා, මහත්තයා කෑලි ඕන නෑ ලොකු උන්නැහෙ. මට මතක් වෙන්නෙ අර හැම එකාටම සෑර් ගාන සූස්තිව, ඔය ඉංගිරිස් අකුරු තුනෙන් ඇමතුවාම හොඳටම ඇති යාළුව, ඒක මගේ නම)

    ReplyDelete
    Replies
    1. කුඹුරු කෙටිල්ල පරාදයි තමා. බොහෝම ස්තූතියි මහත්මයා. අපි දරුවන්ට කතා කරන්නේත් මහත්මයා කියාලා. පොඩි මහත්මයා, ළොකු මහත්මයා ආදී වශයෙන්...

      Delete
  5. අපූරු ලියවිල්ලක් ලොක්කා. ඔන්න මම ලොකු උන්නැහේට පොඩි පබ්ලිසිටි එකක් දුන්නා. පෝස්ට් එකකිනුත් අනිත් අයට කියන්නම්. ලිවිල්ලනම් සුපිරියි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මහත්මයා. තවමත් අනෙකුත් සින්ඩි වලට ඇතුලත් කර නොමැත. නැවතත් ස්තූතියි...

      Delete
    2. @මාතලන් - මේක උබ මම කැමති රසයෙන් ලියල තියෙනව නේද බං :ඩී

      Delete
    3. mathalan lokka wede kethai neda?
      thamanma comment karala wena namakin thamanma reply koragatta ekata....
      awulk ne mathalan boge liyala tybba nisa thami dena gatte..
      eth aparade meka liyana eka newetthuwenm...

      Delete
  6. කලකින් දුටු හොඳ බ්ලොගකි. කදිමයි. කාලීනයි. දිගු ගමනකට ආසිරි.- සිසිර -ඩුබායි සිට




    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිසිර මහත්මයා...

      Delete
  7. අපූරුයි... දිගටම ලියන්න. ජය පතනවා. දෙයියන්ගෙ නාමෙන් මට නම් මහත්තයා කියන්න එපා .මොකද මම ගොඩේ බයියෙක්, මගේ තාත්තා ගොයියෙක්. ඔහොම කියලා තියෙන්නේ රංබණ්ඩා සෙනෙවිරත්නයන්.... දන්නවා නේද?

    ReplyDelete
    Replies
    1. මගේ කලින් ළිපිය රජ රට ගැන. මහත්තයා ඒක දැක්කද දන්ටෑ.. මම මොකෝ මහත්තයා රන්බන්ඩා මහත්තයා ගැන නොදන්නේ....

      Delete
  8. සජීව ධනුද්ධරSep 22, 2012, 9:34:00 AM

    කදිමයි බුද්ධදාසයෙනි කදිමයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මහත්තයා... ධනුද්ධර අගේ ඇති නමක් නොවැ....

      Delete
  9. කදිමයි...කදිමයි..... බුද්ධදාසයෙනි, බොහෝ දුර ගමනක් යනු පෙනේ....සුබ පැතුම් ද මේ සමගමැ....!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සුමිත් මහත්මයා

      Delete
  10. අන්න ඔහේගේ එක වගේම එකක් තියෙනව මෙන්න මෙතන ගිහින් බලන්න...
    http://reargate.blogspot.com/2012/09/blog-post_22.html

    ReplyDelete
    Replies
    1. බොහොම අගේ ඇති ලිපියක් එයත්

      Delete
  11. හක්කත් පැන්නා නොවැ... හි හි...

    මාලක කුමරුන්ට මේච්චර ආදරේ රට වැසියෝ ඉන්නවා කියලා දැනගන්න ඌට හිරේටම යන්න උනානේ.. කමක් නෑ කමක් නෑ... හි හි
    වටේම තිබ්බ පෝස්ට් ටිකත් කියෝගෙන ආව නිසා මල් හතට රස වින්දා.. හි හි

    ReplyDelete
    Replies
    1. ඉස් ඉස්සෙලාම ආපු නෝනා මහත්තයා. බොහොම ස්තූතියි. එහෙනම් නෝනට වෙලා තියෙන්නෙත් වයසක උන්දැලට වෙච්චි දේ...

      Delete
    2. මොනා කරන්නද ලොක්කා... මාත් හද්ද නාකියි තමයි.. හි හි

      Delete
  12. ‘මලක‘ මෙලෙක නැති එකයි දුක !

    අනාගතේ පැහැදිලි සහෝ.. ලියපං..

    ReplyDelete
    Replies
    1. අනාගතේ පැහැදිලියි කීවේ මලක කුමරුගෙද මහත්මයා...

      Delete
  13. අගේ ඇති බ්ලොග් පිටුවක් ...අපේ රටට වෙච්චදේ ගැන මෙහෙමවත් කතාවක් හැදෙන එක හොඳයි ..නැත්නම් ඉතින් රටේ ආශ්චර්යය ගැන මිනිස්සු ඉන්නේ පුදුම සතුටකින් නොවැ ...
    ලියන්න , අපි එනවා කියවන්නට ..සතුටු වෙන්නට ...වෙනස් විදියකට සිතන්නට ...

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි මහත්මයා

      Delete
  14. මලක කුමරුවා රෙන වැඩ ඉදිරියේදීත් කරාවි :D

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් බයක් ඇත්තෙම නෑ නොවෙ මහත්මයා...

      Delete
  15. මේකනම් නියම ඉතිහාස කතාව. ලියන කෙනාට දිර්ගාආයුෂ පතමි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. මහත්මයාටත් එසේම පතමි.

      Delete
  16. නුඹගේ ලිපිය ම සිත් ගත්තෙමි.අගනා ලෙස අකුරු කර තිබේ!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මහත්මයා...

      Delete
  17. ජයෙන් ජයම වේවා...... ඇත්තටම සිත් ගත්තා..... මාසයක් විතර එක එක ඒවා නිසා ඇත වෙලා උන්නු බ්ලොග් කියවීම ආයේ පටන් ගන්නවා මේ බ්ලොග් එකෙන්ම... ජය වේවා.... මාතලන් අය්යා තමා කොහෙද පාර කියලා තිබුනේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මහත්මයා. මාතලන් මහත්මයා මට ගොඩාක් උදව් කලා..

      Delete
  18. ම්හ්හ්හ්............

    රසවත්...

    අපි හිනාවෙන්නෙ අපිටමටි.ඒකයි දුක.

    ReplyDelete
    Replies
    1. අපි වෙන කුමක් කරමුද නෝනා මහත්මයා..

      Delete
  19. කෞටිල්‍යSep 26, 2012, 12:55:00 PM

    අති විශිෂ්ට ලිවීමකි - ඔබගේ බස් වහර මා නැවත පාසල් කාලයට රැගෙන යයි - නැවත නැවත කියවා රස විඳිය හැකිය - පාසල් සිසුන්ට අනිවාර්ය කල යුතුය

    ReplyDelete
    Replies
    1. හපොයි මහත්තයෝ. මේ අද්යාපන මහත්තුරුත් එක්ක නම් බෑ ඔන්ට..

      Delete
  20. හෆොයි . . . .
    මේක (මේ බ්ලොගේ) නව මහා වංශය කියලා නම් කොරපන් බන් . . පට්ට සිරා . ..

    ReplyDelete