Thursday, October 4, 2012

සුභ සහ යස




භාන්ඩාගාරය පිරි ඉතිරි, ප්‍රීතියෙන් හා කෙලිදෙලෙන් රටවැසියා කල් ගෙවන, සාහිත්‍යයේ රුවන් යුගයක් වූ කෝට්ටේ යුගයයි. එහෙත් පෙර කලැ සිට පැවැත එන, රජුන් කෙරේ පැහැදුනු සිත් නැත්තවුන්, කැරලිකාරයන්, රාජ්‍ය පෙරලීමට රහස් කුමන්ත්‍රණයන්දෝද තැනැ තැනැ නොසින්දුවන්නේද නොවෙමැයි. රජරට යුව රජුන් වූ, "බරට" නම් යුව රජු තෙමේ වහසි බස් දොඩන්නේ "මියෙන තෙක්, යුව රාජ මම්ම වෙම්... මහ රජානෝද, මා ශක්තිය බලය මැනැවින් දන්නෝය. රජ වාසල සැප සම්පත් හැරදා මා මෙහි පැමිනියේ, නැවත යන්නවූ අදහසකින් නොවන්නෙමැයි" වහසි බස් දොඩැමින් කල් ගත කරන්නේ...

ලේඛනාගාරයෙහි රාජකාරීන් කරනු වස් "චන්දර" නම් දුප්පත් කොලුවකු පත් කර ගත් කල්හි, යුව රජුන් කෙරේ අයදින්නේ "පින්වත් බරත රාජ්ජෝත්තමයානන් වහන්ස,,, මා ලේඛනාගාරයෙහි රාජකාරින් කරනා කල්හි, මා ඇඹෑනියට අහිතක්, ආන්තරාවක් විය හැකි බැවින්, අප කෙරේ අනුකම්පා කොටෑ, මපිය බිරිඳද ලේඛනාගාරයෙහි රාජකාරීන්හි සහයට රැගෙන ඒමට, අවසර  පත්මි" යැයි කියු කල්හි. උනුන් කෙරේ අනුකම්පා සිත් ඇති යුව රජ තේමේ ඒ කරුණු සැලැකිල්ලට ගෙනැ අවසර දුන් කල්හි.. චන්දරයානෝ හා අඹු ලේඛනාගාරයෙහි සතුටින් රාජකාරීන් කරන්නෝය..

යුව රජුන්, රට පාළනයෙහි සමත් නොවෙතත්, දඩයමෙයි කැමැත්තේ, දිනපතා මධුපානයෙන් හා ප්‍රීති සාදයන්ගෙන් හා සංගීතයෙන් සැනසි, ප්‍රාදේශීය ජනයාගේ සිත් පහන් කරමින් සිටිනා කල්හි, නිල දඩයක්කරුවා ජීවීන ගමන නවතාලන් කල්හි. දඩමස් රුචි යුව රජානෝ "ඉතින් මා කෙසේ නැවත දඩ මස් බුදිම්ද....? සතා සීපාවා, අරක්කැමියාට සපයන්නේ කවුරුන්දැයි..". අත දරුවකු මෙන් හඬනා කල්හි. ලේඛනාගාර භාර "චන්දර" පවසනුයේ "මැරෙනා තෙක් රජවන්න දේවයන් වහන්ස... මා සොයුරු "රනජ", අන් ශිල්ප නොදන්නේ මුත්, දඩ කෙළියෙහි සමත්යැ, නිකරුනේ කල් ගෙවනා උනුන් කෙරේ අනුකම්පා කොට දඩයක්කාරයාගේ රාජකාරීන් ඔහු වෙත පිරිනමන්නේ නම් මැනැවි.."


දඩයක්කාරයා, රජුන්ගේ සිත් දිනා, දඩයම් නොකරන කල්හි, දොරටුපාලයාගේද රාජකාරීන් කරනා කල්හි, පාළනයෙහි අසමත් රජුන්, දිවා කලෙද, පස් කම් සැප විඳිමේ පරම වූ පවිත්‍ර වූ චේතනාවන් ඇත්තේ.. දඩයක්කාරයා රාජාභරණයෙන් සරසා, ඔටුණු පළඳා, සිංහාසනාරූඩ කොටෑ, හෙල්ලත් රැගෙන දඩයමේ යන කල්හි, සැඳෑ සමයේ නැවත් මාළිගාවට පැමිනෙනුයේ. "තොප නම් රජකමට වුවද සුදුසු වන්නේය... දැන් ඉතින් රාජාභරන ගලවා, තොපටනිවෙස් කරා යා හැක වන්නේය."..  "රාජපුරුෂයිනි.. මේ උන්මත්තක නර පනුවා අල්ලා, පහරදි, නගරයෙන්ද පිටු වහල් කරනු"... වික්ෂිපත් වූ යුව රජුන් හිස තුල, අවයවයෝ අංගම්පොරයන්හි යෙදෙන්නේ... රාජ පුරුෂයන්ගෙන පා පහර ලැබැ හඬනා කල්හි, නව යුව රජුන් අනුකම්පා සිත් ඇතිවන්නේ. දොරටුපාලා තනතුරකින් සැනසෙන්නයි පවසනුයේය.

තම සිත් හා දොඩමලු වනුයේ "සිටින්.. මම රජුන් හා මෙබස් පවසා, තොපගේ හිස ගසා දමන්නේමයි කියා," අග නගරය කරා යන්නේ... රජුන් හමුවැ "පස්වාන් දහසකට බුදු වන්න දේවයන් වහන්ස, දොරටුපාළයා රාජ්‍ය පැහැර ගත්තේය. සියළුම නිළමේවරුන් මා හා වෙයි, මෙය ඔබ වන්සේගේ රාජ්‍ය පාළනයට ගැටළු ඇති කරවන්නේමැයි. එහෙයින්, ඔහුගේ හිස ගසා.. මා හට නැවතත් රාජ්‍ය ලබා දෙනු මැන ස්වාමීනී..."


"තොප පවසනුයේ මුසාවැක්මයි. තොපගේ ලේඛනාධිපති හා නිළමේවරුන් මා හා සියල්ල පැවැසීය. තොප කරනා පාලනයක් නොමැත්තේමැයි. තොප සුදුසු තනතුර නම් දඩයක්කාරයාගේ බූමීකාවයි. තොප ගව්වක් දිගැති මාර්ග තැනීමට ගව් සියයක මුදල් භාන්ඩාගාරයෙන් ලබා ගෙනැ ඇත්තේමයි, තොප දෙන දේයකින් සැනසි වෙන දේ බලා ඉන්නේනම් තොපට ජීවත් විය හැක. ඒසේ නොමැතිනම් තොපව විදෙස් චර පුරුෂ සේවයේ යෙදවිය හැක. මා හට කල හැක්කේ එපමනයි බරට...".


බරට නම් දොරටුපාල තෙමේ කුමන්ත්‍රන සිත් ඇත්තේ, දොරටුපාල සේවයේ දිවුරුම් දී, පඹයෙක් වන් නව යුවරජුන් හා පාළනය ගෙන යන්නාවූ චන්දර නම් ලේඛනාධීකාරි හා මහරජුන් කෙරේ ද්වේශයෙන් "රනල" නම් කැරලිකාර නායක හා රජුන්ගේ නිළමේවරුනගේ සාහාය ඇතිවැ යුව රජ මාළිගය තුල කැරලි මෙහෙය වන්නෝ. කලක් ඇවෑමෙන් යුව රජුන් පරදා, මහ රජුන් හා සටන් වැද, ජම්බුද්වීපයටම රජුන් වන්නේය..


උපුටා ගැන්ම - රාජා වලිය
යුගය - සුභ හා යසලාලක තිස්ස යුගයන්...

සැ: යු:
රාජා වලියේ සඳහන් වනුයේ එසේ වුවද.. වීර වංශයේ සඳහන් වනුයේ, බරට විදෙස් චර පුරුෂ සේවය තෝරගත් බවකි. එහෙත් කුමන රටකද යන්න අදටත් ගැටලුවකි. රජරට ගැමි වහරෙහි ඇත්තේ කුමන්ත්‍රණයන් අසාර්ථක වීමෙන් සිත් කළකිරුණු බරට දොරටුපාලා තෙමේ නුවර වැව් ඉස්මත්තේ කුබුක් ගසෙක අතු ශක්තිමත්දැයි බැලීමට ලනු පොටක් ගෙලැ බැඳැ පහලට පැන්නා වූ බවයි. සමහර කතාවල ඇත්තෙ... ගසේ අතු වල සවිය නොව. ලනු පොටෙහි ශක්තිය බැලීමට එසේ කලැ බවයි..



27 comments:

  1. ඔන්න ඔන්න, කතාව පටන්ගත්තෙ කෝට්ටේ යුගයෙන්, ඉවර වුනේ ජම්බුද්වීපයෙන්.

    නරකමත් නෑ ආයුබෝවන්ඩ.

    ReplyDelete
    Replies
    1. ජම්බුද්වීපේ කොටසක් නේ මහත්මයා...

      Delete
  2. උපුටා ගැන්ම - රාජා වලිය
    යුගය - සුභ හා යසලාලක තිස්ස යුගයන්...

    රාජාවලිය නෙවිද?

    දිගටම යන්... සුභපැතුම්.

    ReplyDelete
    Replies
    1. නෑ මහත්තයෝ "වලිය".. ඔය කෝලාහාලවලට කියන තවත් නමක් නොවැ

      Delete
  3. හෙක්ක් ..... හෙක්ක්ක්... මෙහෙමත් රජෙක්. මෙයාල මියැදෙන්නෙ නැහැ. මැරුණත් නැවත එනවා. ඒකනේ රජරට යුගයේ සිට නව කෝට්ටෙ යුගය දක්වාම එකාකාරවම ජනතාවට විහිළු සපයන්නේ.

    ReplyDelete
    Replies
    1. සුභ සහ යස පුනරුප්පත්තිය.. එහෙම නේද මහත්මයා....

      Delete
  4. Replies
    1. මොකෝ මහත්තයෝ හුකු හුකු ගාන්නේ...

      Delete
  5. කොහෙන්ද ලොක්කෝ පින්තුරේ හොයා ගත්තේ. මටනම් අල්ලලා ගියේ ඒක. මුලු කතාවම පින්තූරේ තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ඉතිං අයියා ඔයාත් දාල තිබුණෙ බර්ටි නොවුනු අඬන බබෙක්ගෙ ෆොටෝවක්. බබ්බුම තමා හරියන්නෙ.

      Delete
    2. අම්මපා හැබෑව මහත්තයෝ මහත්තයා දාලා උන්නෙත් අත දරුවෙක් නොවැ.. මට මේක මගේ මිතුරෙක් හදා දුන්නේ...

      Delete
  6. හෙ හේ මාර වැඩෙ.......

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ මහත්තයෝ

      Delete
  7. හිස්ට්‍රි රිපීට්ස් කියනවනේ මලයෝ . . . දැන් මේ අපේ ආරක්ෂාව, අපේ දියුනුව සලස්සන්න කියලා අපේ අගනා කතිරේ ගහලා "ඕන් එහෙනම් අපිව බලාගන්ට ඈ" කියපු උන්දෑ උන්දෑගේ පවුලේ අයයි හොර යාලුවෝ නඩයයි එක්කලා අපිට කොරන්නෙත් ඕන්න ඕකෙම අනිත් එක නේද බන් . . හික් හික් හික්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මහත්මයාගේ පැමිනීම. එය මට ලොකු ශක්තියක්...

      Delete
  8. බරට බබාගේ රූපය කදිමැයි...

    ReplyDelete
    Replies
    1. මිතුරකුගේ වැඩක් මහත්මයා...

      Delete
  9. බරට හිටපු යුවරාජාගේ පුතා වුණු දෘමිද රජ වාසළ සහය නිළමේ ගැන මොකුත් තොරතුරක් නැද්ද ??

    ReplyDelete
    Replies
    1. මේ යුගයේ ඔහුගේ නාමය සඳහන් වන්නේ අල්ප වශයෙන් මහත්මයා...

      Delete
  10. කියන්න දෙයක් නෑ සුපිරි‍. පින්තූරෙටත් එක්ක කිව්වෙ.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මහත්මයා

      Delete
  11. හුටා....වැරදි වටහාගැනීමක් නිසා දවස් කිහිපයක් කියවීම මග හැරුණා. එලමැයි...

    ReplyDelete
    Replies
    1. ඒ මොකක්ද මහත්තයෝ ඒ කතාව

      Delete
  12. කෞටිල්‍යOct 9, 2012, 6:42:00 AM

    ඉතාම රසවත් - සාහිත්‍ය සහ හාස්‍ය රසයේ කදිම මුසුවක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මහත්මයා...

      Delete
  13. මා දුටු තවත් වෙනස් ආරක පිටුවක්.සුභ පැතුම්!

    ReplyDelete