Thursday, October 4, 2012

සුභ සහ යස




භාන්ඩාගාරය පිරි ඉතිරි, ප්‍රීතියෙන් හා කෙලිදෙලෙන් රටවැසියා කල් ගෙවන, සාහිත්‍යයේ රුවන් යුගයක් වූ කෝට්ටේ යුගයයි. එහෙත් පෙර කලැ සිට පැවැත එන, රජුන් කෙරේ පැහැදුනු සිත් නැත්තවුන්, කැරලිකාරයන්, රාජ්‍ය පෙරලීමට රහස් කුමන්ත්‍රණයන්දෝද තැනැ තැනැ නොසින්දුවන්නේද නොවෙමැයි. රජරට යුව රජුන් වූ, "බරට" නම් යුව රජු තෙමේ වහසි බස් දොඩන්නේ "මියෙන තෙක්, යුව රාජ මම්ම වෙම්... මහ රජානෝද, මා ශක්තිය බලය මැනැවින් දන්නෝය. රජ වාසල සැප සම්පත් හැරදා මා මෙහි පැමිනියේ, නැවත යන්නවූ අදහසකින් නොවන්නෙමැයි" වහසි බස් දොඩැමින් කල් ගත කරන්නේ...

ලේඛනාගාරයෙහි රාජකාරීන් කරනු වස් "චන්දර" නම් දුප්පත් කොලුවකු පත් කර ගත් කල්හි, යුව රජුන් කෙරේ අයදින්නේ "පින්වත් බරත රාජ්ජෝත්තමයානන් වහන්ස,,, මා ලේඛනාගාරයෙහි රාජකාරින් කරනා කල්හි, මා ඇඹෑනියට අහිතක්, ආන්තරාවක් විය හැකි බැවින්, අප කෙරේ අනුකම්පා කොටෑ, මපිය බිරිඳද ලේඛනාගාරයෙහි රාජකාරීන්හි සහයට රැගෙන ඒමට, අවසර  පත්මි" යැයි කියු කල්හි. උනුන් කෙරේ අනුකම්පා සිත් ඇති යුව රජ තේමේ ඒ කරුණු සැලැකිල්ලට ගෙනැ අවසර දුන් කල්හි.. චන්දරයානෝ හා අඹු ලේඛනාගාරයෙහි සතුටින් රාජකාරීන් කරන්නෝය..

යුව රජුන්, රට පාළනයෙහි සමත් නොවෙතත්, දඩයමෙයි කැමැත්තේ, දිනපතා මධුපානයෙන් හා ප්‍රීති සාදයන්ගෙන් හා සංගීතයෙන් සැනසි, ප්‍රාදේශීය ජනයාගේ සිත් පහන් කරමින් සිටිනා කල්හි, නිල දඩයක්කරුවා ජීවීන ගමන නවතාලන් කල්හි. දඩමස් රුචි යුව රජානෝ "ඉතින් මා කෙසේ නැවත දඩ මස් බුදිම්ද....? සතා සීපාවා, අරක්කැමියාට සපයන්නේ කවුරුන්දැයි..". අත දරුවකු මෙන් හඬනා කල්හි. ලේඛනාගාර භාර "චන්දර" පවසනුයේ "මැරෙනා තෙක් රජවන්න දේවයන් වහන්ස... මා සොයුරු "රනජ", අන් ශිල්ප නොදන්නේ මුත්, දඩ කෙළියෙහි සමත්යැ, නිකරුනේ කල් ගෙවනා උනුන් කෙරේ අනුකම්පා කොට දඩයක්කාරයාගේ රාජකාරීන් ඔහු වෙත පිරිනමන්නේ නම් මැනැවි.."


දඩයක්කාරයා, රජුන්ගේ සිත් දිනා, දඩයම් නොකරන කල්හි, දොරටුපාලයාගේද රාජකාරීන් කරනා කල්හි, පාළනයෙහි අසමත් රජුන්, දිවා කලෙද, පස් කම් සැප විඳිමේ පරම වූ පවිත්‍ර වූ චේතනාවන් ඇත්තේ.. දඩයක්කාරයා රාජාභරණයෙන් සරසා, ඔටුණු පළඳා, සිංහාසනාරූඩ කොටෑ, හෙල්ලත් රැගෙන දඩයමේ යන කල්හි, සැඳෑ සමයේ නැවත් මාළිගාවට පැමිනෙනුයේ. "තොප නම් රජකමට වුවද සුදුසු වන්නේය... දැන් ඉතින් රාජාභරන ගලවා, තොපටනිවෙස් කරා යා හැක වන්නේය."..  "රාජපුරුෂයිනි.. මේ උන්මත්තක නර පනුවා අල්ලා, පහරදි, නගරයෙන්ද පිටු වහල් කරනු"... වික්ෂිපත් වූ යුව රජුන් හිස තුල, අවයවයෝ අංගම්පොරයන්හි යෙදෙන්නේ... රාජ පුරුෂයන්ගෙන පා පහර ලැබැ හඬනා කල්හි, නව යුව රජුන් අනුකම්පා සිත් ඇතිවන්නේ. දොරටුපාලා තනතුරකින් සැනසෙන්නයි පවසනුයේය.

තම සිත් හා දොඩමලු වනුයේ "සිටින්.. මම රජුන් හා මෙබස් පවසා, තොපගේ හිස ගසා දමන්නේමයි කියා," අග නගරය කරා යන්නේ... රජුන් හමුවැ "පස්වාන් දහසකට බුදු වන්න දේවයන් වහන්ස, දොරටුපාළයා රාජ්‍ය පැහැර ගත්තේය. සියළුම නිළමේවරුන් මා හා වෙයි, මෙය ඔබ වන්සේගේ රාජ්‍ය පාළනයට ගැටළු ඇති කරවන්නේමැයි. එහෙයින්, ඔහුගේ හිස ගසා.. මා හට නැවතත් රාජ්‍ය ලබා දෙනු මැන ස්වාමීනී..."


"තොප පවසනුයේ මුසාවැක්මයි. තොපගේ ලේඛනාධිපති හා නිළමේවරුන් මා හා සියල්ල පැවැසීය. තොප කරනා පාලනයක් නොමැත්තේමැයි. තොප සුදුසු තනතුර නම් දඩයක්කාරයාගේ බූමීකාවයි. තොප ගව්වක් දිගැති මාර්ග තැනීමට ගව් සියයක මුදල් භාන්ඩාගාරයෙන් ලබා ගෙනැ ඇත්තේමයි, තොප දෙන දේයකින් සැනසි වෙන දේ බලා ඉන්නේනම් තොපට ජීවත් විය හැක. ඒසේ නොමැතිනම් තොපව විදෙස් චර පුරුෂ සේවයේ යෙදවිය හැක. මා හට කල හැක්කේ එපමනයි බරට...".


බරට නම් දොරටුපාල තෙමේ කුමන්ත්‍රන සිත් ඇත්තේ, දොරටුපාල සේවයේ දිවුරුම් දී, පඹයෙක් වන් නව යුවරජුන් හා පාළනය ගෙන යන්නාවූ චන්දර නම් ලේඛනාධීකාරි හා මහරජුන් කෙරේ ද්වේශයෙන් "රනල" නම් කැරලිකාර නායක හා රජුන්ගේ නිළමේවරුනගේ සාහාය ඇතිවැ යුව රජ මාළිගය තුල කැරලි මෙහෙය වන්නෝ. කලක් ඇවෑමෙන් යුව රජුන් පරදා, මහ රජුන් හා සටන් වැද, ජම්බුද්වීපයටම රජුන් වන්නේය..


උපුටා ගැන්ම - රාජා වලිය
යුගය - සුභ හා යසලාලක තිස්ස යුගයන්...

සැ: යු:
රාජා වලියේ සඳහන් වනුයේ එසේ වුවද.. වීර වංශයේ සඳහන් වනුයේ, බරට විදෙස් චර පුරුෂ සේවය තෝරගත් බවකි. එහෙත් කුමන රටකද යන්න අදටත් ගැටලුවකි. රජරට ගැමි වහරෙහි ඇත්තේ කුමන්ත්‍රණයන් අසාර්ථක වීමෙන් සිත් කළකිරුණු බරට දොරටුපාලා තෙමේ නුවර වැව් ඉස්මත්තේ කුබුක් ගසෙක අතු ශක්තිමත්දැයි බැලීමට ලනු පොටක් ගෙලැ බැඳැ පහලට පැන්නා වූ බවයි. සමහර කතාවල ඇත්තෙ... ගසේ අතු වල සවිය නොව. ලනු පොටෙහි ශක්තිය බැලීමට එසේ කලැ බවයි..



Tuesday, September 25, 2012

අභිනවයෙන් පත්වූ, ශිල්පාමාත්‍ය...


බටහිර හා පෙරදිග බොහෝ රාජ්‍යයයන් දරුණු ආර්ථික අවපාතයකටද, ආහාර භව භෝග හීනතාවයකින්ද, අධිරාජ්‍යවාධී බලපෑම් හමුවේ පරාදින සමෙයෙකැ, අප රත්නද්වීපය ළොව දිදුලන කළෙකි, ගොවියෝ අස්වනු නෙලා, ආර්ථික සශ්‍රීකත්වයෙන් උපරිම තලයෙකැය. ඔවුහූ, රජුන්ගේ රථ හා සමාන රථයන්හි සැරිසරන්නෝය, මාගම් තොටින් නැව් නැග, දේශ දේශාන්තරයන්හි සංචාරය කරන්නෝය. අග හිඟ කම් ඇති ජනයෙක් සොයා ගැන්ම, අන්දරේ කැස්බෑවේදි විය සිඳුරෙන් අහස බැලුවා වැනි අපහසු කාරියක්ම වන, භව භෝගයෙන් පිරි, රාජ්‍ය සැනකෙලි වලින් ගහන වූ, ජනයා කෙලි දෙලෙන් කල් යවන කාළයෙහි....

ජම්බුද්වීපයන්හී පමණක්මැ නොවැ දේශ දේශාන්තරයන්හි සිප් සතර හදාරා සියළු ශිල්පයන්හි කෙල පැමිනැ, බුද්ධියෙහි අග තැන්පත්, ප්‍රඥාවන්ත, ධාර්මිෂ්ඨ මලක කුමරුවානෝ මෙසිරි ලක සිප් සතර වැඩිමෙහිලා අමාත්‍ය දූරයකින් පිදුම් ලද කල්හී, රජුන් හා පවසනුයේ, "මෙරට ශිල්ප ශාස්තෘන් වහන්සේලාද, දිසාපාමොක් වරුනද තම සුඛවිහරණය පිණිසමැ සිත් ඇත්තෝය. ඔවුනගේ ශිල්පයන් හැදෑරීමෙන් පලක් නැත්තෙමැයි, එය එසේ හෙයින් දේවයන් වහන්ස, මා ලද ශිල්ප ඥානය අසරණ දරු කැළ වෙත පහන් සිතින් පූජා කිරීමට අවසර පතනෙමි. මාගෙ යෝජනා ඇතුලත් ධවල භීෂණ පත්‍රිකාව ඔඹ වහන්සෙ වෙත මා මේ අවස්ථාවේ පිරිනම සිටින්නෙය දේවයන් වහන්ස.".

එපින්වත් මහ රජානෝ, පත්‍රිකා කියවා, අන් මත විමසා, බොහෝ චිත්තඃප්‍රීතීයට පත්වැ, අමාත්‍ය මණ්ඩලයේ ආශීර්වාදයෙන්, මහා සංඝ රත්නයේ පිරිත් සජ්ජායනා මැද, නිල උත්සව පවත්වා, මගුල් බෙර හඬ මැද, මලක ඇමතියනට පිලි ගන්වා, රට වැසියාගේ දැණුවත්වීම පිණිසැ, අණ බෙර කරුවන් ලවා, සතර අතට ගෙන යන ලෙස, ධවළ භීෂණ සංදේශය මුද්‍රා තබා අනුමත කළැ වගයි.....
  • ශිල්ප ශාලවට ඇතුලත් කිරීමට පෙරැ, පච්ච කොටා හෝ හංවඩු ගසා සිටියැ යුතුමැයි.
  • මංකොල්ලය, අපචාරය, කප්පම, මිනිමැරීම, මහ මග නිකරුනේ සැරිසැරීම, වසන්ත මාලිග නැමැදීම, ජනයා බිය වැද්දීම, රහ මෙර පානය, දූෂණය, අනිවාර්ය විෂයයන් කළැ යුතුමයි.
  • අංගම්පොර සටන් කාළාව, ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව සමත් විය යුතුමැයි. සවස් කාළයේ සුනඛ පොර පුහුණුවීම සඳහාද සිසුන් දිරි ගැන්විය යුතුමැයි.
  • විවේක කාළයෙදී "හරයින්" නම් ආයූර්වේදි ගුණ ඇති කුඩ, රහ මෙර සමඟ අඹරා, සෑම සිසුවුකුටම දිය යුතුමැයි.
  • සෑම  ශිෂ්‍යාවක්මැ, මල්වර වීමෙන් පසු, ශිල්පායතනයන්හි මුල් ගුරු හා ප්‍රාදේශීය නිළමේවරුන් පිනැවීම සඳහා, කාමසූත්‍රය කඩ පාඩමෙන් මෙන්මැ ක්‍රියාවෙන්ද සමත් වියැ යුතුමැයි.
  • සෑම දිසාපාමොක් වරයෙක්මැ රහමෙර පානය, කාමසූත්‍රය, දෙතිස් වද, අල්ලස, දූෂණය (ස්ත්‍රී දූෂණය හා කාන්තාවන්නම් බාල අපරාධ.) රජුන්ට නැමැදීම හ හමුදා පුහුණුව ලබා තිබියැ යුතුමැයි.
  • ජේශ්ඨ සිසුනට "නීල රංගනයන්" නැරඹීමට හා එවන් රංගනයන් පුහුණුවීමට ශාලා සැපයිය යුතුමැයි. 
  • සෑම පාසලකම, නාරි වෛද්‍ය විශේෂඥයින් සේවයේ පිහිටුවීම හා ප්‍රසූතීකාගාර ඉඳි කල යුතුමැයි.
  •  පන්සිල් පද සංශෝධනය කොටැ, වේරමණී යන කොටැස ඉවත් කළ යුතුමැයි
  • පිරිවෙන් අධ්‍යාපනයේ මූලීක වෙනසක් ලෙසැ, මහණුන්, රජුන්ට, අමාත්‍යවරුනට, නිළමේවරුනට හා සිටුවරුනට පසඟ පිහිටුවා වැදීමට පුහුණු කලැ යුතුමැයි. . 

උපුටා ගැන්ම - සද්ධර්ම මලකවලිය
කාළය - මෙසපොටේනියානූ යුගය

ප: ලි:
ඉහත සඳහන් කර සිටියේ, රටවැසියා වෙතැ, අණබෙර කරුවන් යොදා, ප්‍රසිද්ධියට පත් කලැ, සමහර කරුණුය. ඉතිහාස ග්‍රන්ථ වලද පවතිනුයේ කට වහරින් පැමිනි දෑ බව  කරුණාවෙන් සලකන්න. එසේ, කිසිසේත්ම මුද්‍රණයට පත් නොවු, රජ පවුලේ කුමර කුමරියන් සඳහා වෙනම ඉදිරිපත් කල පත්‍රිකාවේ පහත සඳහන් කරුණු, ජනයා අතර කටකතා ලෙසෙන් පැවති බව සඳහන්ය.
  • භාන්ඩාගාර මුදල් මංකොල්ලය හා එහින් දේශ දේශාන්තරයන්හි දේපල මිලදී ගැන්ම.
  • දේශ දේශාන්තරයන්හී චාරිකා හා සියළු පස් පවු සඳහා කරන්නාවූ ගෙවීම් භාන්ඩාගාරයෙන් ලබාගැන්ම.
  • තමනට එරෙහි වන්නේ නම්, රාජපුරුෂයන්ගේ පමණක් නොව, හමුදා සේනාධිපතිවරුන්ගේ පවා ශීර්ෂයන් පොඩි කිරීම හා රජු ඉදිරියට පමුණුවා දඟ ගෙයි ලෑම. 
  • කට කතා පතුරුවන්නන්ගේ පාදයන් බිදීම හා රටින් පිටුවහල් කිරීම.....
  • සහ තවත් බොහෝ කරුණු අඩංගු වන්නේය.....

Friday, September 21, 2012

වසන්ත මාළිගයේ කෝළාහාලය



322 පරිච්ඡේදය

රුහුණු පුර මාගම්පත්තුවේ, "අන්දරේ" නමින් කොලු ගැටයකු, කතාවේ සමත්යැ, කවටකමෙහි සමත්යැ, කාව්‍යයෙහි සමත්යැ, සියළු කළාවෙහි සමත්යැ. එහෙයින්, බොහෝ අග හිඟ කම් මැද ජීවත්වූ මේ කොලු ගැටයා කෙරේ සිත් බැඳුනු, එගම්වාසී රාජ පාක්ෂික මැනියෝ, මේ කොලු ගැටයා තම පුතුන් සමගම තබන්නේයයි සිතන්නෝ. මැදුරට ගෙන්වා කවා පොවා ඇති දැඩි කරන්නෝය. කාළයාගේ ඇවෑමෙන්, එම මැදුරේ "පරස" නම් දඩබ්බර කොලු ගැටයා රජ වාසල කැරළි ගසා, අනුලා රැජිණ සිහසුනෙන් නෙරපා, රාජ්‍යත්වයට පත් කල්හී, අන්දරේ කැඳවා, සියනෑ කෝරළයේ නින්ද ගම් පිරිනමා, නිළමේ තනතුරිකින්ද පුදන්නේය...

අන්දරයානෝ, රටවැසියා පිනවමින්, කල්‍යාණ රාජ මහා විහාරයෙහි අධිපති කම් දරමින්, ධාර්මිෂ්ඨව ජිවත් වන්නෝය. එහෙත්, නිළමේ තුමන්ගේ එකම පුත් "මලක" නම් පුරුෂ තෙමේ, වසන්ත මාළීගාවන්හි සැරි සරන්නෝය, රජුන්ගේ රථ සමාන රථ වල  සැරිසරන්නෝය, මෙරට හා නොරට පුරඟනන් හා රමණයේ යෙදෙන්නෝය, අධර්මිෂ්ඨ වෙළදාම්හි යෙදෙන්නෝය, එසේ කරමින් තම පියාගේ කීර්තීනාමයට නිගා දෙමින් සිටින කල්හී,

අග නගරයේ, වසන්ත මාලිගයක් තුල රජතුමාගේ සේනාධිපතියකුට පහර දී, කල්‍යාණ රජ මහා විහාරයේ ධාතු වැඳ, පිරිත් හුය දෙ අතිහී බැඳ, ආරක්ෂාව පිණිසැ සැගවෙන්නේය. රට වැසියාද, හමුදාවද කිපි, පුත්‍රයාගේ කැවුතු කන්නේ යැයි කියා, කටකතා පැතිර යන කල්හී, රජුන්ද කෝපව, හිස මුඩු කොට ඇති රාජ පුරුෂයාට අණ දෙනුයේ, සිටිනා තැනකින් කුදලාගෙන වුත් දඟ ගෙයි දමන ලෙසයැ, එන කළ හොඳ නැති බව දන්නා පුත්‍ර තෙමේ, පාප මිත්‍රයාද කැටුව විත්, ස්ව කැමැත්තෙන්ම දඟ ගෙට යන්නෝය. රට වැසියා හා හමුදාව රජු කෙරේ පහන් සිත් ඇතිවැ, තම තම රාජකාරීන්හි යෙදි සතුටින් කල් ගත කරන්නේය.

එසේ වූවද දාරක ප්‍රේමය ඉහවහා ගිය නිළමේ භාර්යා තොමෝ, භූමියෙහි පස් අනුභව කරන්නෝ. "තොපට ශෝකයක් නොමැත්තේද? මේ නම් අවමානයක්මැයි, තොප රජුගේ සියළු දේ කරන්නේහිය, එහෙත් තොප අප දරුවා කෙරේ කරුණා සිත් නැත්තේමැයි..., මා පුත්‍රයා ගෙන එව, නැතිනම් මා කැළණී ගං පතුලේ පහස ලබන්නේයැයි" පැවසු කල්හී, ඉන් කම්පාවන සිත් ඇති නිලමේ තෙමේ මුන්නේස්වරම් ගොස් දෙවියන්ට කන්නලව් කරන්නේ, "අනේ දෙවියනේ, රජු වෙත ගියහොත් මා නසි ගෙදර ගියහොත් අඹු නසි, ගැත්තාට සමාවී, උපකාරයක් කරන මෙන් ඉල්ලා සිටිමි", යයි කී කල්හි, දෙවියෝ රහසින් යමක් නිළමේ වෙත දන්වා සිටින්නෝය.

දේව රහස අනුව, සීනීගම කඩවර දෙවියන්ට මිරිස් අඹරා දින දෙකක් ගත වන කල්හී, නාගයෙකු සේ එඩිතර පහර ලත් සේනාධිපතියා ගැරඬියකු සේ ඇඹරෙමින් කියා සිටිනුයේ, "නිළමේ පුතුන් මා හට පහර එල්ල නොකලේමැයි, මා මාගේ අසිපත් ගෙන ප්‍රභූන් ඉදිරියේ ජපාන සොල්දාදුවෙක් මෙන් හරාකිරි රංගනයේ යෙදෙන කල්හි. මා අසිපත මටම කෙටුවේ" යයි කියූ කල්හි, රාජාධිකරණයෙන් මලක හා රෙන යන පුත්‍රයින් දෙදෙන දඟ ගෙයින් නිදස් කොට හරින්නේය.

354 වන පරිච්ඡේදය (322 පරිච්ඡේදයෙන් වසර 10 කට පසු

"නමල" කුමරුන් අභිෂේක ලබන්නෝය. ධාර්මිෂ්ඨ "මලක" පුත්‍ර තෙමේ, අගමැති දූරයෙන් පිදුම් ලබන්නෝය, තම පදිවි ප්‍රාප්තියෙන් උදම් වූ ජනයා කෙරේ පහන් සිත් ඇති "මලක" කුමරු ඔවුන් දැකීමට කල්‍යාණ පුරයට පැමිණේ, රැස්ව හුන් ජනතාව දැක උදම් වන "මලක" කුමරු තම රථයෙන් බසිනා කල්හි, ප්‍රධාන ආරක්ෂකයා ලෙස අනෙක් පසෙන් එනුයේ එදා පහර කෑමට බඳුන්වූ සෙන්පතියෝය, එම දර්ශනයෙන් උදම්වු කාන්තවන්ගේ ඇකයෙ හුන් දරුවන්, පොළෝ තලය මතද, මහළුන්ගේ හකු පැනිමෙන්ද, තරුණ ජනයාගේ, ඇඳි වතේම, සුළු දිය හා මළපහ පිටවීමෙන්ද,  ප්‍රමෝදයටම පත්වුවෝය.

උපුටා ගැන්ම - කොටළු වංශය
යුගය - පර්සි-යානු යුගය

Thursday, September 20, 2012

රජ රටට නව යුව රජෙක්


ඔබ වහන්සේගේ කැමත්තක් ස්වාමීනී..

ඇමතිය, තොප කැමැත්ත ඇතුව හෝ නැතුව මා කරන්නේ මා හට අවැසි දෙයයි.

එසේය ස්වාමීනී එසේය...

එසේනම් තොප වහාම තම ඇමතිදූරයෙන් ඉවත් විය යුතුය.

එසේය ස්වාමීනී එසේය...

තොපගේ කෝරළයේ ජනයා, මා කෙරේ කෝප සිත් ඇතිකර ගැනිම, මාගේ හිත සුව පිනිස නොවේමය.

එසේය ස්වාමීනී එසේය...

එබැවින්, වහාම අණබෙර කරුවකු පිටත් කොට. මේය ස්ව කැමැත්තෙන් ගත් තීරණයක් බව රට වැසියාට දන්වා සිටිනු.

එසේය ස්වාමීනී එසේය...

එසේනම් මට පිටත්ව යාමට අවසරයි, දේවයන් වහන්ස...!

ඇමතියා පිටත්ව යාමට සැරසේ....

නවතිනු......., තොප නම් අපූරූ සහෝදරයෙක්මැයි ඇමතිය. මා හට, තොප කෙරේ අනුකම්පා සිත් පහල විය. රාජ සභාව අවසානයේ, රාජ භෝජනාගාරයේදි මා හමු වන සේ අණ කර සිටිමි..
එසේය ස්වාමීනී එසේය...

ඇමති පිටව යයි. රාජ සභාව තව දුරටත් පැවැත්වේ.

පළමු වරට, මරක්කලයකුට, ප්‍රාදේශීය යුව රජ කමක් දියසේන මහ රජානන් විසින් පිලිගන්වති. එහි අක්ත පත්‍ර ප්‍රධානයට පසු, කලින් රජකම් කල ද්‍රවිඩ යුව රජුට් තෑගී බෝග දී, උපදේශක ඇමති දූරයකට පත් කරයි. රාජපාක්ශික භාවය වෙනුවෙන් ලැබෙන්නාවූ තුටු පඬුරු, භාන්ඩාගාරයෙන් ලබාදෙන ලෙස මහ ඇමතිට අණ කරයි.

යුව රජ, රජු තුමා කෙරෙහි නම්මවා ගැනීමට, මරක්කලයින් නියෝජනය කරනු ලබන ඇමතියා රජුගෙන් බොහෝ තෑගී භෝග ලද බවට රට වැසියා අතර මතයක් පැතිර යයි.

සන්ධ්‍යාභාගයේ රාජ භෝජනාගරයෙදී..

ඇමතිය, තොප නම් ඉතිහාස ගත වන ඇමතිවරයකු වන්නේය. තම සොයුරු වුවද විශ්වාස කළ නොහැකි කලෙක, ඔබ ගත්තාවූ මේ තීරණය, මා අමන්දානන්දයට පත් කළේය. මට මාගේ සොයුරන් කෙරේ වුව  විශ්වාසයක් නොමැත්තෙමයි. එබැවින්, අනාගත අමාත්‍යවරුන් පත් කිරීමකදි. මම තොප ගැන යලි සලකා බලන්නෙමි.

පස්වාන් දහසකට බුදු වන්න දේවයන් වහන්ස... ඔබ වහන්සේ බුදුන් දැක නිවන් දකීත්වා...

හ්ම්... එයින් කාරියක් නොමැත. දාසිය මේ ඇමිතියාට මධු බදුනන් ගෙන එව.
මා රජකම ලභාගැනීමට කුමන්ත්‍රණ කරණ කල්හි, සහය දැක්වූවෝ තොපිමය, උතුරු මැද කෝරළයේ රජා අනුලා රැජිණියට සිත් ඇත්තෝය. තොපගේ සොයුරු උන් පැරදවීම මාගේ සිත කුල්මත් කලැ කාරණයකි... එහෙයින් මා තොප ගැන සලකා බලන්නේමය...

සේවකයිනි.... මේ ඇමතිවරයා පෙරහරින් උතුරු මැද කෝරළයේ රාජාභිශේකයට රැගෙන යනු....

සුළු කාළයක් ඇවෑමෙන්...

රජ රට කෝරළයේ සියළුම වැව්, පෞරාණික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණයට බදුන්වේ.
මෙය ප්‍රතිසංස්කරණයක් නොව නිධන් මංකොල්ලයක් බවට රට වැසියා අතර කට කතා පැතිර යයි..

උපුටා ගැන්ම - රාජා වලිය
යුගය - දියසෙන් රාජ්‍ය සමය

Wednesday, September 19, 2012

සිංහළ - Test Post 2



අප ලද නිදහස අද අපට අහිමව ඇත.
ඔබ තුමා රට පාළනය කළ කාළය. අප රට ජනතාව. අද ජීවත්වන තත්වයට වඩා යපත් තත්වයක තිබූ බව අප පියා මිය යන තෙක්ම කියූ කතාවකි. එහෙත් ඔබගෙන් ලද නිදහස. අද බුක්ති විඳිනුයේ ඉතා අල්ප වූ පිරිසකි. අපට එම වාසනාව කාවදා ලැබේදෝ කියා අප බලා සිටින්නෙමු.

Test Post - Old Man




Old Joe Clark
[G] Old Joe Clark’s a fine old man
Tell you the reason why
He keeps good likker ’round his house
Good old [F] Rock and [G] Rye
[G] Fare ye well, Old Joe Clark
Fare ye well, I [F] say
[G] Fare ye well, Old Joe Clark
I’m a [F] going [G] away
Old Joe Clark, the preacher’s son
Preached all over the pain
The only text he ever knew
Was High, low, Jack and the game
Old Joe Clark had a mule
His name was Morgan Brown
And every tooth in that mule’s head
Was sixteen inches around
Old Joe Clark had ayellow cat
She would neither sing or pray
She stuck her head in the butermilk jar
And washed her sins away
Old Joe Clark had a house
Fifteen stories high
And every story in that house
Was filled with chicken pie
I went down to Old Joe’s house
He invited me to supper
I stumped my toe on the table leg
And stuck my nose in the butter
Now I wouldn’t marry a widder
Tell you the reason why
She’d have so many children
They’d make those biscuits fly
Sixteen horses in my team
The leaders they are blind
And every time the sun goes down
There’s a pretty girl on my mind
Eighteen miles of mountain road
And fifteen miles of sand
If ever travel this road again
I’ll be a married man