Thursday, September 20, 2012

රජ රටට නව යුව රජෙක්


ඔබ වහන්සේගේ කැමත්තක් ස්වාමීනී..

ඇමතිය, තොප කැමැත්ත ඇතුව හෝ නැතුව මා කරන්නේ මා හට අවැසි දෙයයි.

එසේය ස්වාමීනී එසේය...

එසේනම් තොප වහාම තම ඇමතිදූරයෙන් ඉවත් විය යුතුය.

එසේය ස්වාමීනී එසේය...

තොපගේ කෝරළයේ ජනයා, මා කෙරේ කෝප සිත් ඇතිකර ගැනිම, මාගේ හිත සුව පිනිස නොවේමය.

එසේය ස්වාමීනී එසේය...

එබැවින්, වහාම අණබෙර කරුවකු පිටත් කොට. මේය ස්ව කැමැත්තෙන් ගත් තීරණයක් බව රට වැසියාට දන්වා සිටිනු.

එසේය ස්වාමීනී එසේය...

එසේනම් මට පිටත්ව යාමට අවසරයි, දේවයන් වහන්ස...!

ඇමතියා පිටත්ව යාමට සැරසේ....

නවතිනු......., තොප නම් අපූරූ සහෝදරයෙක්මැයි ඇමතිය. මා හට, තොප කෙරේ අනුකම්පා සිත් පහල විය. රාජ සභාව අවසානයේ, රාජ භෝජනාගාරයේදි මා හමු වන සේ අණ කර සිටිමි..
එසේය ස්වාමීනී එසේය...

ඇමති පිටව යයි. රාජ සභාව තව දුරටත් පැවැත්වේ.

පළමු වරට, මරක්කලයකුට, ප්‍රාදේශීය යුව රජ කමක් දියසේන මහ රජානන් විසින් පිලිගන්වති. එහි අක්ත පත්‍ර ප්‍රධානයට පසු, කලින් රජකම් කල ද්‍රවිඩ යුව රජුට් තෑගී බෝග දී, උපදේශක ඇමති දූරයකට පත් කරයි. රාජපාක්ශික භාවය වෙනුවෙන් ලැබෙන්නාවූ තුටු පඬුරු, භාන්ඩාගාරයෙන් ලබාදෙන ලෙස මහ ඇමතිට අණ කරයි.

යුව රජ, රජු තුමා කෙරෙහි නම්මවා ගැනීමට, මරක්කලයින් නියෝජනය කරනු ලබන ඇමතියා රජුගෙන් බොහෝ තෑගී භෝග ලද බවට රට වැසියා අතර මතයක් පැතිර යයි.

සන්ධ්‍යාභාගයේ රාජ භෝජනාගරයෙදී..

ඇමතිය, තොප නම් ඉතිහාස ගත වන ඇමතිවරයකු වන්නේය. තම සොයුරු වුවද විශ්වාස කළ නොහැකි කලෙක, ඔබ ගත්තාවූ මේ තීරණය, මා අමන්දානන්දයට පත් කළේය. මට මාගේ සොයුරන් කෙරේ වුව  විශ්වාසයක් නොමැත්තෙමයි. එබැවින්, අනාගත අමාත්‍යවරුන් පත් කිරීමකදි. මම තොප ගැන යලි සලකා බලන්නෙමි.

පස්වාන් දහසකට බුදු වන්න දේවයන් වහන්ස... ඔබ වහන්සේ බුදුන් දැක නිවන් දකීත්වා...

හ්ම්... එයින් කාරියක් නොමැත. දාසිය මේ ඇමිතියාට මධු බදුනන් ගෙන එව.
මා රජකම ලභාගැනීමට කුමන්ත්‍රණ කරණ කල්හි, සහය දැක්වූවෝ තොපිමය, උතුරු මැද කෝරළයේ රජා අනුලා රැජිණියට සිත් ඇත්තෝය. තොපගේ සොයුරු උන් පැරදවීම මාගේ සිත කුල්මත් කලැ කාරණයකි... එහෙයින් මා තොප ගැන සලකා බලන්නේමය...

සේවකයිනි.... මේ ඇමතිවරයා පෙරහරින් උතුරු මැද කෝරළයේ රාජාභිශේකයට රැගෙන යනු....

සුළු කාළයක් ඇවෑමෙන්...

රජ රට කෝරළයේ සියළුම වැව්, පෞරාණික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණයට බදුන්වේ.
මෙය ප්‍රතිසංස්කරණයක් නොව නිධන් මංකොල්ලයක් බවට රට වැසියා අතර කට කතා පැතිර යයි..

උපුටා ගැන්ම - රාජා වලිය
යුගය - දියසෙන් රාජ්‍ය සමය

31 comments:

  1. නියමයි. තවත් අදහසක්.
    ‍‍‍‍//උතුරු මැද කෝරළයේ රජා අනුලා රැජිණියට සිත් ඇත්තෝය. තොපගේ සොයුරු උන් පැරදවීම මාගේ සිත කුල්මත් කලැ කාරණයකි...// :)

    ReplyDelete
    Replies
    1. බොහෝමත්ම ස්තූතියි මහත්මයා. ඔබ තමයි මගේ පළවන කොමෙන්ටුව.

      Delete
  2. නියමෙටම නියමයි. ඔහොම යං ඔහොම යං

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මහත්මයා...

      Delete
    2. @ Inamaluwe Buddadasa

      අයියෝ මහත්තයා කියන්න එපා. "හසිත" කියලා කියන්න. ඒ හොඳටෝම මදෑ...

      Delete
  3. වැඩේ හොඳයි. ජයවේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මහත්මයා...

      Delete
  4. ෂා මරු බොගක්නේ ලොක්කා. දිගටම ලියන්න.

    සුබ අනාගතයක්....!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මහත්මයා. විශේෂයෙන් ඔබගේ සින්ඩිකේටරයට මා ඇතුලත් කර ගැනීම පිළිබඳව.

      Delete
  5. බොහොම අපුරු ලියමනක්.පුර්ණ කාලීන ඇනොනිමසයෙක් ගෙන් සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. මොහොමත්ම ස්තූතියි අනින මහත්මයා

      Delete
  6. කදිමයි බ්ලොග්කරුව කදිමයි.
    …ඔබට බොහෝ කාලයක් මෙහි විසීමට වරම් ලැබේවා
    ……..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ජෝන් මහත්මයා.

      Delete
  7. කුඹුරක් කොටාගෙන පැත්තකට වෙලා හිටියට බුද්ධදාස ගොයියටත් යමක් කමක් තේරෙනව එහෙනම්.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් ළොකු ඉතිහාසයක්ම දන්නවා මහත්තයෝ

      Delete
  8. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියනවනේ මාමා...

    මාමා මම රාමා

    ReplyDelete
    Replies
    1. එහෙම කතාවක් තිබෙනවා නේන්නම් මහත්තයෝ

      Delete
  9. උඹැහැ මාර පොරක්නේ.වෙද රාළගේ ඇහැ ගොහිං එද්දි උබැහැ ගැන වං හුං දැන ගත්තේ.අපේ ඇහැත් වරෙං රාලේ.
    http://samakayawate.blogspot.com

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.. මහත්මයා ආන්ඩුවේ පත්තර කන්තොරුවේ කෙනෙක් නොවැ. බොහොම අපූරුයි ඒ අඩවියත්..

      Delete
  10. හොඳ තැනකින් අල්ලගෙන තියෙන්නෙ,

    බොහොම හොඳයි....බොහෝම හොඳයි......!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මහත්තයා...

      Delete
  11. Budde, V nice! Political satire redefined. Good work. Go ahead.

    ReplyDelete
  12. හා. හා. රාලේ. ඔය වංගියට වැස්ස වලාහක දෙවියෝ තාම බැලුං හෙලුවේ නැති නිසා ඉතිං කොහොමෙයි කුඹුරක් කොටන්නේ නේද ආයිබෝං ආයේ ඉතිං බිං කැළ්ල කොටාගන්න කං ඔය බ්ලොග් කෑල්ල කොටා දමා හිටියනං හොදා මයේ හිතේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මහත්මයා, එකම තමා මාත් මේ කල්පනා කොලේ, මහ ඇමති කවුද කියාලා මේ බලාන ඉන්නේ.

      Delete
  13. හො හො හෝ...
    දියසෙන් රාජ සමය පිළීබදව තවත් බොහෝ උපුටා ගැනීම් තියේවි මයෙ හිතේ..
    අපේ අහත් ගොඩ වැදුන නම්...

    ReplyDelete
  14. රාළේ අපූරු බ්ලොගක් නොවැ. ලියමු ඉතිහාසෙ. බොහෝම අගෙයි. සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. මොහෝම ස්තූතියි වෙද මහත්තයා...

      Delete
  15. ඉතාම අපූරුයි.. දිගටම ලියන්ට ලැබේවා.. ඉතිහාසය දන්න නිසා.. දියසෙන් රජ්ජුරුවන්ගෙන් එහෙම හානියක් වෙන එකක් නෑ මයෙ හිතේ..

    ReplyDelete
  16. ඕන් මේ බ්ලොගේ මගේ බ්ලොග් රෝලට දැම්මා හරිය

    ReplyDelete