බටහිර හා පෙරදිග බොහෝ රාජ්‍යයයන් දරුණු ආර්ථික අවපාතයකටද, ආහාර භව භෝග හීනතාවයකින්ද, අධිරාජ්‍යවාධී බලපෑම් හමුවේ පරාදින සමෙයෙකැ, අප රත්නද්වීපය ළොව දිදුලන කළෙකි, ගොවියෝ අස්වනු නෙලා, ආර්ථික සශ්‍රීකත්වයෙන් උපරිම තලයෙකැය. ඔවුහූ, රජුන්ගේ රථ හා සමාන රථයන්හි සැරිසරන්නෝය, මාගම් තොටින් නැව් නැග, දේශ දේශාන්තරයන්හි සංචාරය කරන්නෝය. අග හිඟ කම් ඇති ජනයෙක් සොයා ගැන්ම, අන්දරේ කැස්බෑවේදි විය සිඳුරෙන් අහස බැලුවා වැනි අපහසු කාරියක්ම වන, භව භෝගයෙන් පිරි, රාජ්‍ය සැනකෙලි වලින් ගහන වූ, ජනයා කෙලි දෙලෙන් කල් යවන කාළයෙහි....
ජම්බුද්වීපයන්හී පමණක්මැ නොවැ දේශ දේශාන්තරයන්හි සිප් සතර හදාරා සියළු ශිල්පයන්හි කෙල පැමිනැ, බුද්ධියෙහි අග තැන්පත්, ප්‍රඥාවන්ත, ධාර්මිෂ්ඨ මලක කුමරුවානෝ මෙසිරි ලක සිප් සතර වැඩිමෙහිලා අමාත්‍ය දූරයකින් පිදුම් ලද කල්හී, රජුන් හා පවසනුයේ, "මෙරට ශිල්ප ශාස්තෘන් වහන්සේලාද, දිසාපාමොක් වරුනද තම සුඛවිහරණය පිණිසමැ සිත් ඇත්තෝය. ඔවුනගේ ශිල්පයන් හැදෑරීමෙන් පලක් නැත්තෙමැයි, එය එසේ හෙයින් දේවයන් වහන්ස, මා ලද ශිල්ප ඥානය අසරණ දරු කැළ වෙත පහන් සිතින් පූජා කිරීමට අවසර පතනෙමි. මාගෙ යෝජනා ඇතුලත් ධවල භීෂණ පත්‍රිකාව ඔඹ වහන්සෙ වෙත මා මේ අවස්ථාවේ පිරිනම සිටින්නෙය දේවයන් වහන්ස.".
එපින්වත් මහ රජානෝ, පත්‍රිකා කියවා, අන් මත විමසා, බොහෝ චිත්තඃප්රීතීයට පත්වැ, අමාත්‍ය මණ්ඩලයේ ආශීර්වාදයෙන්, මහා සංඝ රත්නයේ පිරිත් සජ්ජායනා මැද, නිල උත්සව පවත්වා, මගුල් බෙර හඬ මැද, මලක ඇමතියනට පිලි ගන්වා, රට වැසියාගේ දැණුවත්වීම පිණිසැ, අණ බෙර කරුවන් ලවා, සතර අතට ගෙන යන ලෙස, ධවළ භීෂණ සංදේශය මුද්‍රා තබා අනුමත කළැ වගයි.....
- ශිල්ප ශාලවට ඇතුලත් කිරීමට පෙරැ, පච්ච කොටා හෝ හංවඩු ගසා සිටියැ යුතුමැයි.
- මංකොල්ලය, අපචාරය, කප්පම, මිනිමැරීම, මහ මග නිකරුනේ සැරිසැරීම, වසන්ත මාලිග නැමැදීම, ජනයා බිය වැද්දීම, රහ මෙර පානය, දූෂණය, අනිවාර්ය විෂයයන් කළැ යුතුමයි.
- අංගම්පොර සටන් කාළාව, ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව සමත් විය යුතුමැයි. සවස් කාළයේ සුනඛ පොර පුහුණුවීම සඳහාද සිසුන් දිරි ගැන්විය යුතුමැයි.
- විවේක කාළයෙදී "හරයින්" නම් ආයූර්වේදි ගුණ ඇති කුඩ, රහ මෙර සමඟ අඹරා, සෑම සිසුවුකුටම දිය යුතුමැයි.
- සෑම ශිෂ්යාවක්මැ, මල්වර වීමෙන් පසු, ශිල්පායතනයන්හි මුල් ගුරු හා ප්‍රාදේශීය නිළමේවරුන් පිනැවීම සඳහා, කාමසූත්රය කඩ පාඩමෙන් මෙන්මැ ක්‍රියාවෙන්ද සමත් වියැ යුතුමැයි.
- සෑම දිසාපාමොක් වරයෙක්මැ රහමෙර පානය, කාමසූත්රය, දෙතිස් වද, අල්ලස, දූෂණය (ස්ත්‍රී දූෂණය හා කාන්තාවන්නම් බාල අපරාධ.) රජුන්ට නැමැදීම හ හමුදා පුහුණුව ලබා තිබියැ යුතුමැයි.
- ජේශ්ඨ සිසුනට "නීල රංගනයන්" නැරඹීමට හා එවන් රංගනයන් පුහුණුවීමට ශාලා සැපයිය යුතුමැයි.
- සෑම පාසලකම, නාරි වෛද්‍ය විශේෂඥයින් සේවයේ පිහිටුවීම හා ප්රසූතීකාගාර ඉඳි කල යුතුමැයි.
- පන්සිල් පද සංශෝධනය කොටැ, වේරමණී යන කොටැස ඉවත් කළ යුතුමැයි
- පිරිවෙන් අධ්‍යාපනයේ මූලීක වෙනසක් ලෙසැ, මහණුන්, රජුන්ට, අමාත්‍යවරුනට, නිළමේවරුනට හා සිටුවරුනට පසඟ පිහිටුවා වැදීමට පුහුණු කලැ යුතුමැයි. .
උපුටා ගැන්ම - සද්ධර්ම මලකවලිය
කාළය - මෙසපොටේනියානූ යුගය
ප: ලි:
ඉහත සඳහන් කර සිටියේ, රටවැසියා වෙතැ, අණබෙර කරුවන් යොදා, ප්‍රසිද්ධියට පත් කලැ, සමහර කරුණුය. ඉතිහාස ග්රන්ථ වලද පවතිනුයේ කට වහරින් පැමිනි දෑ බව කරුණාවෙන් සලකන්න. එසේ, කිසිසේත්ම මුද්‍රණයට පත් නොවු, රජ පවුලේ කුමර කුමරියන් සඳහා වෙනම ඉදිරිපත් කල පත්‍රිකාවේ පහත සඳහන් කරුණු, ජනයා අතර කටකතා ලෙසෙන් පැවති බව සඳහන්ය.
- භාන්ඩාගාර මුදල් මංකොල්ලය හා එහින් දේශ දේශාන්තරයන්හි දේපල මිලදී ගැන්ම.
- දේශ දේශාන්තරයන්හී චාරිකා හා සියළු පස් පවු සඳහා කරන්නාවූ ගෙවීම් භාන්ඩාගාරයෙන් ලබාගැන්ම.
- තමනට එරෙහි වන්නේ නම්, රාජපුරුෂයන්ගේ පමණක් නොව, හමුදා සේනාධිපතිවරුන්ගේ පවා ශීර්ෂයන් පොඩි කිරීම හා රජු ඉදිරියට පමුණුවා දඟ ගෙයි ලෑම.
- කට කතා පතුරුවන්නන්ගේ පාදයන් බිදීම හා රටින් පිටුවහල් කිරීම.....
- සහ තවත් බොහෝ කරුණු අඩංගු වන්නේය.....